Skip to content
V
තෙල් මිල පහළට
Main news - රධාන පුවත

තෙල් මිල පහළට

By News Room · 29 September 2024

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දැමූ බවත් එම සංස්ථාව කීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 311 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 319 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් දක්වා පහළ ගිය බව ද එම සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තව දුරටත් නොවෙනස්ව පවතින බවත් ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377 ක පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් නිවේදනය කළේය. 

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025