Skip to content
V
තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි
Main news - රධාන පුවත

තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි

By News Room · 6 September 2024

ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.අද (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවය.

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.  ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද තෙවැනි දිනටත් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්විය. ඊයේ මෙන්ම අදත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය සඳහාය. මේ අතර අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11, 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වෙයි. ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025