Skip to content
V
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ
Main news - රධාන පුවත

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

By News Room · 9 October 2024

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තැපෑලේ දී සිදු වියහැකි ප්‍රමාදවීම් සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කළ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා(10) දා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025