Skip to content
V
තවත් නීති විරෝධී ලෙස එකලස් කළ ජීප් රථයක් පොල්ගස්ඕවිටින්
Local

තවත් නීති විරෝධී ලෙස එකලස් කළ ජීප් රථයක් පොල්ගස්ඕවිටින්

By News Room · 1 December 2024

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පොල්ගඹ්විට වාහන අලුත් වැඩියා කරන ස්ථානයක තිබී සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ජීප් රථය ඊයේ(30) පොලිස් භාරයට ගෙන ඇත.

වාහන අලුත් වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට වසර එකහමාරකට පමණ ඉහතදී එම ජීප් රථය මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති හේනගම ධම්මදාන හිමියන් විසින් ලෑන්ඩ් රොවර් වර්ගයේ ජීප් රථයක චැසියක්, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

අනතුරුව වරින්වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් ගෙනත් දුන් බවත් පසුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල්ල ක්ෂ 14- 1/2 ක මුදලකට එන්ජිමක් ගෙනත් දුන් බවත් එම ඇන්ජිම මේ වන විට මෙම ජීප් රථයට සවිකර ඇති බවට වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිසියේ සඳහන්කරයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025