Skip to content
V
තලතා සිය මන්ත්‍රී ධූරය අත්හරී
Main news - රධාන පුවත

තලතා සිය මන්ත්‍රී ධූරය අත්හරී

By News Room · 21 August 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවය.

2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණීයය. ගාමිණී අතුකෝරලගේ අභවප්‍රාප්ත වු පසු ඇය දේශපාලනය පිවිසියේය.

ඇය 2004, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් දිනා ගත්තා.

ඇය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා කටයුතු කිරීම තමාගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයට පත් වන බවය.

2020 වන විට එක්සත් ජාතික පක්ෂයෙ නායකත්වය වෙනස් විට යුතු බවට නිහඩ යෝජනාව සමගි ජනබලවේගය නිර්මාණය කරමින් අප කටයුතු කල නමුත් අනාගතය ගැන නොසිතා අප ගත් තීන්දු නිසා දැවැන්ත පක්ෂයක් දෙකට වීමට අවස්ථාව සැලසු බව ඇය කියා සිටියා.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025