Skip to content
V
තනමල්විල සිසුවියගේ සමූහ දූෂන සිද්ධියට විදුහල්පති සහ ගුරුවරු 3ක් අත්අඩංගුවට
Local

තනමල්විල සිසුවියගේ සමූහ දූෂන සිද්ධියට විදුහල්පති සහ ගුරුවරු 3ක් අත්අඩංගුවට

By News Room · 13 August 2024

සිය පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක ඒම පාසලේම සිසුන් පිරිසක් විසින් සමූහ අපයෝජනයට ලක් කළ සිද්ධියකට අදාළව තොරතුරු වසන් කිරීමේ චෝදනා මත තණමල්විල පාසලක විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් සිවු දෙනකු ඊයේ (13දා) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් හා විනය කමිටුව භාරව කටයුතු කළ ගුරුවරියන් දෙදෙනෙකි.

පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක එම පාසලේම සිසුන් 22 දෙනකු විසින් අවස්ථා 07කදී සමූහ අපයෝජනයට ලක් කර තිබූ අතර ඒම සිදුවීම පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා හා පාසලේ විනය කමිටුව භාර ගුරුවරියන් දෙදෙනාද මෙම සිදුවීම පිළිබඳව දැන සිට ඇති මෙම අපරාධය වසන් කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිසුන්

17 දෙනකු හා මේ සඳහා ආධාර අනුබල දුන් ඒක් සිසුවකුගේ මවක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිවුදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිසුන් 14 දෙනකු පරිවාස භාරයට පත්කර තිබේ. අත්අඩංගුවට පත් විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම අගතියට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත්කළ අවස්ථාවේ අධිකරණ වෛද්‍යවරයා විසින්ද දැරියට දැඩි මානසික පීඩනයක් එල්ල කරමින් සිදුකළ බලපෑම සම්බන්ධයෙන්ද ලද පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. මේ වන විටත් මෙම සිදුවීමට අදාළව දැරියගේ පාර්ශ්වයට බලපෑම් එල්ල වෙමින් තිබෙන අතර මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025