Skip to content
V
ජේලර්ගෙ රාජගිරියෙ ගෙදර කුඩු - ආයුධ
Local

ජේලර්ගෙ රාජගිරියෙ ගෙදර කුඩු - ආයුධ

By News Room · 10 August 2024

බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම නිවසේ සඟවා තිබූ ටි 56 ගිනි අවියක්, මැගසිනයක් , එම ජීව උණ්ඩ 350 ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක්, මැගසිනයක් , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ 50 ක් 5.56 වර්ගයේ ජීව උණ්ඩ 8 හොරයින් මත්කුඩු ගෑම් 6 ක් ගංජා මිලිග්‍රෑම් 700 ක් කුෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි සැකකරුවකුගෙන් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන්  සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව පිස්තෝල ගිනි අවියක් සොයාගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී ජේලර්වරයා සතුව තිබෙන ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඒ අනුව ජේලර්වරයාගේ නිවසේ උඩුමහලේ කාමරයක රහසිගත කුටියක සඟවා තිබූ මෙම ගිනි අවි, සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025