Skip to content
V
ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් - ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද යන්න තීරණය කළ හැකි කරුණු හතරක්
සයුරෙන් එතෙර

ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් - ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද යන්න තීරණය කළ හැකි කරුණු හතරක්

By News Room · 29 June 2024

ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් නොවැම්බර් මාසයේදී තරග කරනු ඇත.

මෙම තරගය නූතන ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙස සනිටුහන් වන්නේ, එය වත්මන් ජනාධිපතිවරයෙකු අතර සහ ඔහුගේ ආසන්නතම පූර්වගාමියා අතර නැවත පැවැත්වෙන තරගයක් හේතුවෙනි.

ට්‍රම්ප්ගේ පළමු මාධ්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සහ ඊට පෙර රිපබ්ලිකන් ජාතික කමිටුවේ සේවය කළ ෂෝන් ස්පයිසර්ට අනුව, වෙනස සරල ය.

"ට්‍රම්ප්ගේ කාලයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මගේ ජීවිතය වඩා හොඳ තැනට ගෙනාවා, වැඩි ආරක්ෂිත බවක් ඇති කළා, ආර්ථිකය සහ අපේ ප්‍රජාවන් වඩා හොඳ තැනකට ගෙනාවා කියලා කියන අයට, ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි."

රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඔවුන්ගේ අපේක්ෂකයාගේ දුර්වලතා එනම්, ඔහු මුහුණ දී සිටින නීතිමය ගැටලු, ඔහුගේ බෙදුම්වාදී කතා සහ 2021 වසරේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල අසල කෝලාහල ඇති වීමට දායක වුණු 2020 මැතිවරණ ප්‍රතිඵල වළක්වාලීමට ඔහු ගත් උත්සහය ආදියෙන් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කරනු ඇත.

නමුත් බයිඩන්ට ද සැලකිල්ලට භාජනය කළ යුතු දුර්වලතා තිබේ. තම පළමු ධූර කාලයේ ළඟා කර ගත් සාර්ථකත්වය පිළිබඳව ජනතාවට ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදීමට හා දෙවන ධූර කාලයක් සඳහා තමන්ට ශක්තිය ඇති බවට මහ ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කිරීම ඒ අතර වේ.

ඔහු තම පූර්වගාමියා පාලනයෙන් තොර සහ ඇමෙරිකාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස චිත්‍රයක් මවයි.

"මෙන්න, ඔබ ඉතා හොඳින් දන්නා කෙනෙක් ඉන්නවා, ඔබ ඔහු විශාල අවදානමක් බව ඔප්පු කිරීමට උත්සහ කරනවා," 1988 වසරේදී මයිකල් ඩුකාකිස්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කළමනාකරණය කළ ඩිමොක්‍රටික් කතුවරියක සහ විශ්ලේෂිකාවක වන සූසන් එස්ට්‍රිච් පවසයි.

එය ඇමෙරිකානුවන් කිහිප දෙනෙකුට පමණක් අවශ්‍ය යැයි පවසන නැවත සිදුවන තරගයක් වන නමුත් මෙම අවස්ථාවේදී එය මීළඟ ජනාධිපතිවරයා කවුරුන් ද යන්න තෝරා ගන්නා, ඔවුන්ට බොහෝ දුරට නියත වශයෙන් ම දක්නට ලැබෙන තරගයක් වනු ඇත.

ඉහළට පැමිණෙන්නේ කවුරුන් ද යන්න තීරණය කරන සාධක හතර මෙසේ ය.

කුඩා භූමි ප්‍රදේශයක තියුණු තරගයක්

බයිඩන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති ප්‍රසාදය පහළ වැටීම මැතිවරණ වර්ෂයකට ඇතුළු වන වත්මන් ජනාධිපතිවරයෙකුට එතරම් සුබදායක නොවනු ඇත. කෙසේ වෙතත්, ට්‍රම්ප් සම්බන්ධයෙන් පවතින මහජන අදහස් ද ඍණාත්මක ය.

පවතින සියලු තොරතුරු සැලකිල්ලට ගැනීමේදී, නොවැම්බර් මස පැවැත්වෙන මහ මැතිවරණය තියුණු තරගයක් බවට පත් වනු ඇත. ජාතික මත විමසුම් අනුව, කරට කර තරගයක් පවතින බව හෝ ට්‍රම්ප්ට කුඩා වාසියක් ඇති බව පෙන්නුම් කරයි.

නමුත් එක්සත් ජනපද දේශපාලන සිතියමේ ස්වභාවය අනුව, මෙම තරගයේ මුල් අවධියේදී ඔවුන්ට යම් සීමිත ප්‍රයෝජනයක් පවතී. රට පුරා සිටින ඇමෙරිකානුවන් ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ද මෙම තරගයේ අවසාන ප්‍රතිඵලය නැවතත් තීරණය වනුයේ ප්‍රාන්ත අතලොස්සකින් පමණි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024