Skip to content
V
ජොන්ස්ටන්ට විදේශ ගමන් තහනමක්
Local

ජොන්ස්ටන්ට විදේශ ගමන් තහනමක්

By News Room · 10 October 2024

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මේ නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ කව්ද කවදාද භාවිතා කෙරේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

කොටස් හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025