Skip to content
V
ජනපති අද ජාතිය අමතයි
Main news - රධාන පුවත

ජනපති අද ජාතිය අමතයි

By News Room · 25 September 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.

ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, ‍ඊයේ (24) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දසවන වගන්තියේ විධිවිධාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. 

ඒ අනුව  නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමට අදාළ මහ මැතිවරණයේ නාම යොජනා භාරගැනීම ඔක්තෝම්බර් මස 04 වනදා සිට  ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතය.

මැතිවරණ කොට්ඨාස 22 අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙණු ඇත.

මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

මහ මැතිවරණයෙන් පත්වන අභිවන 10 වන පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වන දින රැස්වීමට නියමිතය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025