Skip to content
V
ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය
Main news - රධාන පුවත

ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය

By News Room · 20 August 2024

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්‍රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.

මේ අනුව එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක්(1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (1,120,9,79,151.60) අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් නමසිය තිස් හතරයි ශත හතලිහක මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි.

මෙකී සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව පවතී.

එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025