Skip to content
V
'ඡන්ද සල්ලි මීටරේ' 
Main news - රධාන පුවත

'ඡන්ද සල්ලි මීටරේ' 

By News Room · 18 August 2024

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.'ඡන්ද සල්ලි මීටරේ' ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවිය එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පැෆ්රල් සංවිධානය ඇතුළු ප්‍රමුඛ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් එක්වයි මෙය නිර්මාණය කර ඇත.මෙම උත්සවය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගී වී තිබේ.මේ අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව ඉක්මවා මුදල් යොදවා ඇති බවට මැතිවරණයෙන් පසුව අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන පවතින බවයි.

ජනපතිධූර අපේක්ෂකයන් වියදම් කරන්න ඉල්ලන මුදල :

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර ඊයේ (16) මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වුණි.මේ අතර ජනාධිපතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයන් වියදම් කළ මුදල පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරණය අවසන් වී දින 20ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව ද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025