Skip to content
V
ගාසා සටන් විරාම දිග්ගැසෙයි
සයුරෙන් එතෙර

ගාසා සටන් විරාම දිග්ගැසෙයි

By News Room · 16 August 2024

ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡා දෙවන දිනටත් කටාර් රාජ්‍යයේ අගනුවර දෝහා (Doha) හිදී අද පැවැත්වේ. නව සටන් විරාමයක් පිලිබඳ සාකච්ඡා ඊයේ (15) ආරම්භ විය.ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම සාකච්ඡා සඳහා, හමාස් සංවිධානය සහභාගී වී නැතැයි වාර්තා වේ. සාකච්ඡා ප්‍රතිඵල ධනාත්මක බව ඊට සහභාගී වූ එක්සත් ජනපද නිලධාරියකු පැවසූ බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය වාර්තා කරයි. මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක ය. ගාසා හි රෆා (Rafah) සහ ඛාන් යුනිස් (Khan Younis) නගර ඉකුත් සති කිහිපය තුළ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයට පත්වී තිබේ.

දිනෙන් දින උග්‍රවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර, සටන් විරාම සාකච්ඡා ප්‍රවර්ධනයට බාධාවක් බව හමාස් දේශපාලන අංශ සාමාජික හොසාම් බද්‍රාන් (Hossam Badran) පවසයි. මීට ඉහත සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි මූලික ගිවිසුමට අනුව පූර්ණ කාලීන සටන් විරාමයක් උදෙසා නව සාකච්ඡා යොමු විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.

අද පැවැත්වෙන සටන් විරාම සාකච්ඡාවලින් පසුව දෝහා හි හමාස් නියෝජිතයින් සමග මැදහත් පාර්ශ්ව විසින් සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජනපද ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි. ගාසාහි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට 40,000 ක ට අධික පලස්තීනුවන් පිරිසක් මරණයට පත් වී තිබේ.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024