Skip to content
V
ගොවීන්ට සහ ධීවරයින්ට සහනාධාර මාසික පදනම මත
Main news - රධාන පුවත

ගොවීන්ට සහ ධීවරයින්ට සහනාධාර මාසික පදනම මත

By News Room · 26 September 2024

ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.

ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.

ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි වනු ඇත.

මෙම ගොවි සහ ධීවර සහනාධාර මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025