Skip to content
V
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
Main news - රධාන පුවත

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

By News Room · 16 October 2024

අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින්  කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා මාදම්පිටිය කනත්ත අසල ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 35 ක්  වන මිහිජය සෙවණ ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.මෙම වෙඩි තැබීම සදහා සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බව පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි. සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන අරඹමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. කොළඹ උතුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්. හැරිසන් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025