Skip to content
V
කොහුවල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
Main news - රධාන පුවත

කොහුවල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

By News Room · 19 September 2024

කොහුවල සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවට වාර්තා වෙනවා.

එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි එම වෙළඳසැලේ හිමිකරු බවයි පොලිසිය සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙන බවටයි වාර්තා වෙනේ. යතුරු පැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025