Skip to content
V
කොහොඹගහ පෑලැස්සේ පුද්ගල ඝාතනය
Local

කොහොඹගහ පෑලැස්සේ පුද්ගල ඝාතනය

By News Room · 18 August 2024

තිස්සමහාරාම කතරගම මාර්ගයේ පුබුදුගම, කොහොඹගහ පෑලැස්ස ප්‍රදේශයේදී  ඊයේ  (17)  පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ පේමකුමාර නැමැති 45 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය පුද්ගලයාගේ බිරියගේ සොහොයුරියට අයත් යාබද නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා දිනපතා අධික ලෙස බීමත්ව හැසිරෙන අයෙකු බවත්, බිරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

ෙසිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තිස්සමහරාම පොලීසිය සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සිදුකොට ඇති බව කියන මරණකරුගේ මාමණ්ඩිය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025