Skip to content
V
කුඩු ගහන්න සතියට ත්‍රීවීල් 10ක් ඉස්සූ අයියා මලෝ
Local

කුඩු ගහන්න සතියට ත්‍රීවීල් 10ක් ඉස්සූ අයියා මලෝ

By News Room · 10 August 2024

මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු විසිදෙක සහ විසිහතර වයස්වල පසු වන නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය නවගමුව, කඩුවෙල බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රීරෝද රථ රියැදුරන් බියගන්වා තියුණු ආයුදවලින් පහරදී කොල්ලා කෑම සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මට්ටක්කුලිය පොලිස් වසමේ ත්‍රීවිල් රථ සොරකම් කරන බවට මට්ටක්කුලිය පොලිසියට පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ අංශයේ නිලධාරිහු ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 21 ක්, කොල්ල කන ලද තීරෝද රථ දහයක්, තී රෝද රථවල අමතර කොටස්, කොල්ල කෑ බව කියන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන හයක්, පොලිස් භාරයට ගෙන ඇත.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025