Skip to content
V
කෝටි 07ක 'අම්බර්' තොගයක් සමඟ 6ක් දැලේ
Local

කෝටි 07ක 'අම්බර්' තොගයක් සමඟ 6ක් දැලේ

By News Room · 11 September 2024

තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි රුපියල් කෝටි 07ක් පමණ වටිනා 'අම්බර්' කිලෝ 14ක් සමග සැකකරුවන් 06දෙනෙකු අද (11) අළුයම තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බන්තොට යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 27ත් අතර වයසේ පසුවන මහනුවර,කෑගල්ල හා කුරුණෑගල පදිංචි සැකකරුවන් 06 දෙනෙක්.

සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ සිට මෙම අම්බර් තොගය අලෙවි කිරිම සදහා තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයට පැමිණ සිටියදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

තල්මසුන්ගෙන් ලබා ගන්නා මෙම අම්බර් තල්මසුන් වැමෑරු පසු හෝ මියගිය පසුව ලබාගන්නා බව පැවසෙනවා.

මේවා ලොව මිලෙන් අධිකම සුවද විළවුන් නිශ්පාදනය කිරිම සදහා භාවිතා කරනු ලබනවා.

තල්මසුන් මරා මෙම අම්බර් ලබාගැනීමට පෙළඹීම නිසා ලංකාව තුළ අම්බර් අලෙවිය හා ළඟ තබා ගැනිම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මිට පෙර අවස්ථා කිහිපයකදිම අම්බර් විකිණීමට පැමිණී ජාවාරම් කරුවන් පිරිසක් තිස්සමහාරාමයේදි අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන්ති ස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025