Skip to content
V
කොටුගොඩ සැරයන්ගෙ ගිනි අවියට පොරබදලා; ජීවිතයක් බිලි - 2කට තුවාල
Local

කොටුගොඩ සැරයන්ගෙ ගිනි අවියට පොරබදලා; ජීවිතයක් බිලි - 2කට තුවාල

By News Room · 8 August 2024

සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ වයස අවුරුදු 38ක් වූ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

අද (අගෝ. 8) අලුයම සීදූව දෙස සිට පැමිණි කාර් රථයක් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරික්ෂා කිරීමට නවතා තිබියදී රථයේ වම්පස ඉදිරි අසුනේ සිටි පුද්ගලයා විසින් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පොලිසිය තවදුරට ත් පැවසීය. උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවත්, වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකුගේ පාදයකට තුවාල සිදු වී ඇති අතර, ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පැවසීය. මේ පිළිබඳව සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025