Local
කළුබෝවිල වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




