Skip to content
V
ඔක්තෝබර් සිට අලුත් වන පාස්පෝට්
Local

ඔක්තෝබර් සිට අලුත් වන පාස්පෝට්

By News Room · 10 August 2024

රජය විසින් ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලාංකිකයින් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව E ගමන් බලපත් ලබාදීම ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. ඒ අනුව, ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව ඇමතිවරයා කියා සිටියි. ඇමතිවරයා ඒබව කියා සිටියේ, කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී ය."අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා.ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා. මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න. ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ. අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න. අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත් 1,000ක් වෙනකල් හදිසියේ එන ඒවට ඉඩ තියලා තියෙනවා. ''''මෙතෙක් නිකුත් කළ ගුවන්ගමන් බලපත්‍රවලින් 23%යි භාවිත කරලා තියෙන්නේ. අනෙක් පාස්පෝට් ගත්තට පාවිච්චි කරලා නැහැ. ''''අපි ටෙන්ඩරය කැඳවූවේ E - PASSPORT එකට. පරණ පොතට ඩොලර් 5.89ක් ගෙව්වා. අලුත් ගුවන්ගමන් බලපත්‍රය අපිට වෙන්නේ ඩොලර් 5.5යි". යයි ද අමාත්‍යවරයා පැවසිය.

''මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසයේ ලැබෙනවා.'' - ඇමති ටිරාන් අලස්

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025