Skip to content
V
උග්‍ර ගැටුම් මැද බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ට මොකද වෙන්නේ?
Main news - රධාන පුවත

උග්‍ර ගැටුම් මැද බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ට මොකද වෙන්නේ?

By News Room · 21 July 2024

බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට මෙරට සිසුන් 50 කට අධික පිරිසක් බංග්ලාදේශයේ විශ්විද්‍යාල තුනක ඉගෙනුම ලබන බවයි.

එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අදාළ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් නිකුත් කර අවසන්.

මීට අමතරව ඔවුන් ඉගෙනුම ලබන විශ්වද්‍යාලවලට ද දැනුම් දී ඇත්තේ සිසුන්ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසයි.

ගැටුම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාවට මෙතෙක් බලපෑමක් වී නොමැති බවද, විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේ ය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ යම් සිසුවෙකුට ශ්‍රී ලංකාවට පැමිණිමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් පවතින බව ද විදේශ අමාත්‍යාංශය  ප්‍රකාශ කළේ ය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025