Skip to content
V
ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක්වලට ලංකාවේ දොර ඇරෙයි
Local

ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක්වලට ලංකාවේ දොර ඇරෙයි

By News Room · 13 August 2024

සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට (Starlink) චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා

“විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය 2024 අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මකය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ දී සිදු වූ අතර එහිදී ඊලොන් මස්ක් විසින් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් ජාලය (Starlink)  සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට අනුමැතිය ලබා දී තිබේ.ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා ඉදිරියේදී මෙරට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩා යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව පවසයි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025