Skip to content
V
ඉන්දීය ආරක්ෂක ඇමති ඇමරිකාවට
සයුරෙන් එතෙර

ඉන්දීය ආරක්ෂක ඇමති ඇමරිකාවට

By News Room · 23 August 2024

නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නත් සිං අමෙරිකාවට පැමිණ සිටිනවා. ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගේ ආරාධනයකට අනුවයි. දින තුනක් පුරා ක්‍රියාත්මක වන එම සංචාරයේ දී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ජනාධිපති ජේක් සුලිවන් ද හමුවීමට නියමිතයි.

මෙම සංචාරය පැමිණෙන්නේ ඉන්දියා - එක්සත් ජනපද සබඳතා සහ විවිධ මට්ටම්වල ආරක්ෂක කටයුතුවල වර්ධනය වන පසුබිමකයි. මෙම සංචාරය ඉන්ද්‍රීය-එක්සත් ජනපද විස්තීර්ණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

උපායමාර්ගික අවශ්‍යතා ඇති ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කරන බවත් ලොයිඩ් ඔස්ටින් සමඟ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කරන බවත් අමෙරිකානු සංචාරය ආරම්භ කිරීමට දිනකට පෙර, රාජ්නත් සිං පවසා තිබුණි.

Related articles

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

21 July 2026
සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025