Local
අලුත් අවුරුද්දට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර මල්ලක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
- තෝරාගත් මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා.
- පෙර පාසල් ගුරුවන්ගේ දීමනාව වැඩි කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.
- පෙරපාසැල් උදෑසන ආහාර සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රු. 60 සිට රු. 100 දක්වා වැඩි කරනවා.
- පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000 ක්.
- විශ්ව විද්‍යාල පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට මිලියන 135 ක්
- පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කිරීමට යළි ස්ථානගත කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
- 5 ශ්‍රේණි ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරනවා. මේ සඳහා මිලියන 1000 ක් වෙන්කරනවා.
- ක්‍රීඩා පාසැල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රු. 5000 සිට රු. 10,000 දක්වා වැඩිකරනවා.
- වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වා වැඩිකරනවා.
- මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර දීමනාව 6500 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.
- 2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා.
- සංශෝධිත විදුලිබල පනත කඩිනමින් සම්මත කිරීමට බලාපොරොත්තු වනවා.
- ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ක් ජාත්‍යන්තර පිළිගත් ආයතන සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
- අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා අවස්ථා දෙනවා.
- 2025 පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන්කර තිබෙනවා.
- කෘෂිකාර්මික තීරණගැනීමට සඳහා යාවත්කාලීන කරන ලද දත්ත පද්ධතියක් ස්ථාපිත කරනවා
- වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5000 ක්.
- ප්‍රමාණවත් වී ආරක්ෂණ තොගයක් පවත්වා ගන්නවා.
- වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරනවා.
- කෘෂිකර්ම අමාත්‍යංශයට දී ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 500 ක්.
- ඌන උපයෝජිත ඉඩම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
- කෘෂිකර්ම ක්ෂේත්රයට තරුණ ව්‍යවසායකයින් කැඳවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
- සමූපකාර ක්‍රමවේදය දියුණු කිරීමට රුපියල් මිලියන 100 ක්
- කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අගය දාමය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 2500 ක්.
- වාරි ක්ෂේත්රය සංවර්ධනයට රුපියල් මිලියන 78,000 ක් හා පැරැණි වාරි ක්‍රම දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2,000 ක්.
- පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා. පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙනවා.
- උතුරු පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන 500 ක්.
- 2025 සමාජ ආරක්ෂණ වැඩසටහන වන අස්වැසුම සඳහා බිලියන 232.5 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
- අස්වැසුම ඇතුළත් නොවූ පිරිස සඳහා 2025 මැයි මාසයේදී තෝරාගැනීම අවසන් කිරීමට කටයුතු කරනවා.
- වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කරනවා.
- වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කිරිමට කටයුතු කරනවා.
- රැඳවුම් නිවාසවල සිටින දරුවන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන අතර එයින් රු. 2,000 ක් දරුවාගේ ගිණුමේ තැම්පත් කිරීමටත් රු. 3,000 ක් දරුවාගේ භාරකරුට ලබාදිමට කටයුතු කරනවා.
- එම දරුවන්ට විවාහයට පත්වීමේදී නිවාසයක් සාදා ගැනීමට රුපියල් මිලියනක නිවාසාධාරයක් ලබාදීමට කටයුතු කරනවා.
- වැඩි වූ ජීවන වියදම හේතුවෙන් උත්සව සමයේ ආහාර පැකේජයක් සඳහා සහන මල්ලක් සතොස හරහා ලබාදීමට කටයුතු කරනවා.
- ඒ සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.
- විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට පැමිණීමේ දී ගුවන්තොටුපළ තීරු බදු නිදහස් සීමාව ඉහළට.
- ආපදා වන්දි මුදල් ලෙස රුපියල් මිලියනක් ලබාදීමට පියවර.
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩි පොලියක් ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කරනවා. එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා.
- මතින් තොර සමාජයක් වැඩසටහනට රුපියල් මිලියන 500 ක්
- නව පොදු ප්‍රවාහන පද්ධතියක් හඳුන්වාදීම අවශ්‍ය වී තිබෙනවා.
- නවීන බස් රථ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවේශ මාර්ග 04 ක් ඔස්සේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා.
- කොට්ටාව, මොරටුව, වත්තල, කඩවත සිට කොළඹ කරා පහත් පතුලක් සහිත සැප පහසු බස් රථ 100 ක් යොදවනවා. ඒ සඳහා මිලියන 3000 ක් යොදවනවා.
- මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මෙවැනි බස්රථ 200 ක් සිය අරමුදල් යොදවා ගනිමින් සේවයේ යොදවනවා ඇති.
- මෙම බස්රථ Metro බස් සමාගම නමැති අලුතින් ස්ථාපනය කරන ලද බස් සමාගමක් යටතේ ක්‍රියාත්මක අතර, එය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක කරනවා.
- දුම්රිය සේවය වැඩි දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන අතර, දුම්රිය සේවා කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
- රට තුළ නව දුම්රිය මැදිරි නිපදවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට මිලියන 200 ක්.
- රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සමඟ සාකච්ඡා කර ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමට කටයුතු කරනවා.
- කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250 ක්
- ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ දෛනික මෙහෙයුම් සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම සිදු කරන්නේ නැහැ.
- ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කාලයක් තිස්සේ පවතින ණය පියවීම සඳහා වැඩසටහනක් සකසනවා.
- ග්‍රාමීය පාලම් ප්රතිංස්කරණය කිරීමට රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.
- දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර තිබෙන මුදලට අමතරව රුපියල් මිලියන 3000 ක්.
- උතුරේ පාලම් මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 5000 ක්.
- විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන දහයක් ලබාදීමට කටයුතු කරනවා.
- නැගෙනහිර පළාතේ ආර්ථික සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට ඉන්දීය රජයේ සහාය ලබා ගන්නවා.
- දුෂණය පිටු දැකීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර අල්ලත් කොමිසම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා
- අපරාධ ආදායම් පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කරන අතර අපරාධ ආදායම් පිළිබඳ නීති සමාලෝචනය කර නැවත ක්‍රියාත්මක කරනවා.
- සියලු ජනතාවට එක්ව සංහිඳියාවෙන් සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් වන “ශ්‍රී ලාංකික දිනය” පැවැත්වීමට රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.
- මහල් නිවාස සඳහා අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සඳහා රුපියල් මිලියන 1000 ක් වෙන් කරනවා.
- කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඉදිකරනවා. ඒ සඳහා චීන ආධාර යටතේ නිවාස ඒකක එකසිය අටකින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදි කරනවා.




