Skip to content
V
අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ස්වාධින වෙයි
Main news - රධාන පුවත

අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ස්වාධින වෙයි

By News Room · 4 September 2024

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්. ඔහු කියා සිටින්නේ ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනි සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවය.

නව පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් කැඳවන බව අප සියළු දෙනා දන්නා කරුණක් බව ඔහු මෙහිදී කියා සිටියා. මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී මලගම වෙත ජනතාව ඇදගෙන යාමට කණ්ඩායමක් උත්සහා කරමින් සිටින ඔහු මෙහිදී කියා සිටියා.

වසර 70 ක කාලයක් ජනතාවට කිසිදු දෙයක් සිදු කලේ නැ යැයි පවසමින් බලය ලබා ගැනිමට පිරිසක් කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියා.

මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නායකයෙකු සිටිනවානම් වෛරී දේශපාලනයට නොයා සිටින කෙනෙක් සිටිනවානම් ඔහුගේ කකුලෙන් අදින්නේ නැතිව සහාය දැක්විය යුතු බව ඔහු කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තමා හලාවත නගරයේ දැවැන්ත රැළියක් සිදු කල නමුත් ජනාධිපතිවරයා අශුද්ධ සන්ධානයක් සමඟ කටයුතු කරන බව දැනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියා.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025