Local
අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් මාස 7කට පසු සොයා ගැනේ

නුවරඑළිය, ගෝනපිටිය, කීනගොල්ල වත්තේ වලදමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
අදාළ කාන්තාව සිවලිංගම් දර්ශනි නැමති 36 හැවිරිදි, කාන්තාවක් බවට හඳුනාගෙන ඇති අතර ඇය අතුරුදන්ව ඇති බවට පසුගිය ජනවාරි 30 වෙනි දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා.
මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වීඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම කාන්තාව දේව පූජාවකට බව පවසා මන්දාරම්නුවර ප්‍රදේශයට කැඳවාගෙන ගොස්, ඝාතනය කර වල දමා ඇති බවයි.
නුවරඑළිය, ගෝනපිටිය, කීනගොල්ල වත්තේ වළ දමා තිබූ කාන්තා මළ සිරුරක් අදාළ කාන්තාව දේව පූජාවකට බව පවසා රැගෙන ගොස් ඝාතනය කර ඇති බව හෙළි වෙයි.




