Skip to content
V
අපේක්ෂක වියදම් සීම පැනවෙයි
Local

අපේක්ෂක වියදම් සීම පැනවෙයි

By News Room · 17 October 2024

පාර්ලිමේන්තු මැතිවරණය (2024) සඳහා කරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව මෙයින් නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින විසි එකක් (21) ඇතුළත අදාල වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබිය යුතුයි.

අපේක්ෂකයා වෙනුවෙන් පිළිගනු ලැබූ හෝ භාරගනු ලැබූ පරිත්‍යාග හෝ දායකත්ව සහ එම පරිත්‍යාග හෝ දායකත්ව ද්‍රව්‍යමය වශයෙන් ලැබුණේ නම් ඒවායේ ඇස්තමේන්තු වටිනාකම, එකී දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල් අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන් ද යන වග සඳහන් කළ යුතු බවද එම නිවේදනයේ ඇතුළත්.

එම නිවේදනය පහතින් දැක්වේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025