Skip to content
V
අද සිට අලි සංගණනය ඇරඹේ
Local

අද සිට අලි සංගණනය ඇරඹේ

By News Room · 17 August 2024

සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන3,130කදී මෙරට අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට සැළසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සංගණනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ද එක්වීමට නියමිතයි. මීට පෙර අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011වසරේදීවන අතර, එම සමීක්ෂණයේදී මෙරට අලි ගහණය 5,879ක් ලෙස දැක්වුණා.

ඉන් සියයට 55.09ක් වැඩිහිටි අලිවන අතර, 25.09ක් තරුණ වයසේ පසුවන අලිවනවා. අලි පැටවුන් සියයට 12.04ක් සිටින බවට එම සංගණනයට අනුව හෙළිව ඇති අතර, ළදරු වයසේ පසුවන පැටවුන් ප්‍රමාණය සියයට 6.4ක්.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025