featured news - උණුසුම් පුවත්
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මතය. රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අද (19) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




