Skip to content
V
ඉදිරියේදී ලංකාවට එන ගංවතුර තත්ත්වයක් ගැන පුරෝකතනයක්
featured news - උණුසුම් පුවත්

ඉදිරියේදී ලංකාවට එන ගංවතුර තත්ත්වයක් ගැන පුරෝකතනයක්

By News Room · 15 June 2026

එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (අනාවැකි) අජිත් විජේමාන්න පවසනවා.

මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් මාසයෙන් පසු ප්‍රබල හෝ අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකතන කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කාලයේදී එල් නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව 60%කට වඩා වැඩිවනු ඇති බවද ඔහු පවසා සිටියා.

දුර්වල, මධ්‍යස්ථ, ප්‍රබල, ඉතා ප්‍රබල ආදී ලෙස එල් නිනෝ තත්ව වර්ග කර තිබෙන අතර, මේ වන විට පවතින්නේ දුර්වල තත්ත්වයක එල් නිනෝ තත්ත්වයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026