Skip to content
V
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් පහතට
featured news - උණුසුම් පුවත්

අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් පහතට

By News Room · 18 June 2026

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී තිබේ.

මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන යුද්ධය නිල වශයෙන් අවසන් වන අතර, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන 'හෝමුස් සමුද්‍ර සන්ධිය' නැවත විවෘත කිරීමටත්, ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමටත් නියමිතය.

මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ විශාලතම බලශක්ති සැපයුම් අර්බුදය විසඳීමට මෙමඟින් මඟ පෑදී ඇත. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල  1.12% කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙස සටහන්ව තිබේ. WTI බොරතෙල් බැරලයක මිල 1.28%  කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81 ක් දක්වා අඩුව තිබේ.

ඉරාන නායකයන් "යහපත් ලෙස හැසිරෙන්නේ නැතිනම්" නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) කළ ප්‍රකාශය නිසා තෙල් මිල ක්ෂණිකව ඉහළ ගියද, අද දිනයේ එය නැවතත් පහත වැටීම ආරම්භ විය. මේ අතර, දෙපාර්ශවය අතර ඇති කරගත් කරුණු 14 කින් යුත් එකඟතාවයත් සමඟ දින 60 ක සාකච්ඡා කාලසීමාවක් ආරම්භ වේ.

මෙහි පළමු පියවර ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු බදු අය කිරීමකින් තොරව තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකාවලට ගමන් කිරීමට ඉරානය ඉඩ ලබා දෙනු ඇත. ඉදිරි දින 30 ඇතුළත මෙම මුහුදු මාර්ගයේ ධාරිතාවය උපරිම මට්ටමට ගෙන ඒමට ගිවිසුමෙන් නියමිතය.

කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වැනි වඩාත් සංකීර්ණ ගැටලු පසුවට කල් තබා ඇති අතර, ඉරානයේ නැවත නැඟිටීම වෙනුවෙන් ඩොලර් බිලියන 300 ක මූල්‍ය සැලැස්මක් සකස් කිරීමට ද අමෙරිකාව සහ එහි පාර්ශවකරුවන්ට සිදුවේ.

මෙම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක වුවහොත්, මැදපෙරදිග තෙල් නැවත වෙළෙඳපොළට පැමිණීම නිසා 2027 වසරේදී අවශ්‍යතාවයට වඩා දිනකට තෙල් බැරල් මිලියන 5.05 ක් ඉතිරි වන "අධික සැපයුම්" තත්ත්වයක් නිර්මාණය විය හැකිය.

මීට අමතරව, අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු වෙමින් පවතී. පොලී අනුපාත ඉහළ දැමුවහොත් ආර්ථික වර්ධනය මන්දගාමී වී, තෙල් සඳහා ඇති ඉල්ලුම තවත් අඩු විය හැකි බව සඳහන්වේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026