featured news - උණුසුම් පුවත්
අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.36යි

ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු ප්රමාණයකින් අවප්රමාණය වී තිබෙනවා. එම සටහනට අනුව, අද (12) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.36 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එසේම, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42 ක් ලෙස සටහන්ව තිබෙනවා. ඊයේ (11) දිනයේ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 327.67 ක් හා රු. 337.82 ක් ලෙසින් වාර්තා වී තිබුණා.




