Skip to content
V
යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි

යාපනයේ ජෝඩු 108ක් එකම කෝවිලක, එකම නැකතකදී විවාහ වෙයි

By News Room · 29 August 2025

අවිවාහක යුවළ 108 දෙනෙක් යාපනයේ සෙල්ව සන්නිධි කෝවිලේදී විවාහ වී තිබෙනවා. ඒ අනුව, යාපනයේ විවාහ විය හැකි වයසට පැමිණ සිටින, නමුත් මූල්‍ය බාධාවන් නිසා එයට නොහැකි වූ යුවළ 108 දෙනෙකු මෙලෙස විවාහ කර දී ඇති බවයි සඳහන් වන්නේ. යාපනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක් හරහා විවාහ වන යුවළ 108 තෝරා ගෙන ඇති අතර, මේ සඳහා සිංගප්පූරුවේ පදිංචි අය විසින් මූල්‍ය ආධාර ලබා දී ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.