Skip to content
V
බ්‍රසීලයට බලපෑ ටොනෙඩෝවකින් දේපළ හානි රැසක්; 6ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයට බලපෑ ටොනෙඩෝවකින් දේපළ හානි රැසක්; 6ක් ජීවිතක්ෂයට

By News Room · 9 November 2025

දකුණු දිග බ්‍රසීලයට බලපෑ ප්‍රබල ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තවත් 750කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. එහිදී පැයට කිලෝමීටර 250ක පමණ ප්‍රබල සුළඟක් හටගත් අතර, ‍බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි නිවාස සහ වාහන ඇතුළු දේපල රැසක් විනාශ වී ඇති බව වාර්තා වේ. ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පිරිස 1,000කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් එරට තුළ මහජන ආපදා තත්ත්වයක් සහ දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.