Skip to content
V
ගාසා තීරයේ මාධ්‍යවාර්තා කෙරූ මාධ්‍යවේදිනියකට වෙඩි

ගාසා තීරයේ මාධ්‍යවාර්තා කෙරූ මාධ්‍යවේදිනියකට වෙඩි

By News Room · 19 August 2024

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙමින් සිටි මාධ්‍යවේදිනියක වන සල්මා අල්-කදෞමි (Salma al-Qadoumi) හට ඛාන් යුනිස් (Khan Younis) හි දී,පිටුපසින් පැමිණ වෙඩි තබා ඇතැයි අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි. 

ඇය ඇතුළු කණ්ඩායමට ඊශ්‍රායල හමුදා විසින්, හිතා මතා වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවන් විසින් පැවසූ බවද එම පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලත් ඇය ඇතුළු පිරිස ප්‍රතිකාර පිණිස, දෙරා එල්-බලා හි අලක්සා මාටියර්ස් ( Al-Aqsa Martyrs) රෝහලට ඇතුළත් කර තිබේ.  යුද ටැංකි මතින්, ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායල හමුදා, ඛාන් යුනිස් හි හමාද් (Hamad) නේවාසික සංකීර්ණය ආක්‍රමණය කළහ.